ගම්පහ නිවෙස්වල කොරෝනා අසාදිතයන් විසිදහසකටත් වැඩි පිරිසක්


(ආනන්ද ඉ ජයකොඩි)

ගම්පහ දිස්ත්‍රික්කයේ කෝවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති විසි දහසකට වැඩි පිරිසක් අද (30) උදෑසන වන විට නිවාස වලම සිටින බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ගේ සංගමයේ උප සභාපති ඇස් ඒ යූ ටී කුලතිලක මහතා පැවසීය.

එම රෝගීන් ගණනට දිනපතාම අලුත් රෝගීන් එකතු වන බවද උප සභාපතිවරයා කීය.

මේ තත්ත්වය ඉදිරියේදී පාලනය කළ නොහැකි තත්වයකට පත් වුවහොත්  සෞඛ්‍ය අංශ දැඩි අසීරු තත්ත්වයකට පත් වන බවද උප සභාපතිවරයා කියා සිටියේය.

එම රෝගීන් ගේ අධීක්ෂණය සදහා වෛද්‍ය වරුන් පිරිසක් යෙදී සිටින බවත්  පෙර පරිදි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හට එම රෝගීන් අධීක්ෂණය කිරීමට නොහැකි තත්වයක් උදා  වී ඇති නමුත් බරපතල තත්වයක් මතුවන රෝගීන් පමණක් රෝහල් ගත කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්   හැකි මට්ටමින් දායක වන බවද හෙතෙම සඳහන් කළේය.

එවැනි රෝගීන් පිළිබඳව කෙටි පණිවුඩ ලැබෙන පරිදි ප්‍රමුඛ තාවය අනුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මැදිහත් වන බවද ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ගේ සංගමයේ උප සභාපතිවරයා කීය.