අලියකු පහර දී පුද්ගලයෙක් මරුට


 

 (ක.ග කරුණාරත්න)
 
ගිරිතලේ බකමූණ මාර්ගයේ දියබෙදුම ගල්වාන පාලම අසලදී අද(21)අලුයම පාපැදියෙකින් ගමන් කරමින් සිටි 80හැවිරිදි පුද්ගලයෙකුට වන අලියෙකු පහරදීමෙන් එම ස්ථානයේදීම මරුමුවට පත්වී ඇතැයි දියබෙදුම පොලීසිය කියයි.
 
ඒ සිද්ධියෙන් මියගොස් ඇත්තේ බකමූණ,අත්තනකඩවල,මඩුදමන පදිංචි ලියනආරච්චිලාගේ අර්නෝලිස්(80)යන අයයි.
 
මේ පුද්ගලයා දියබෙදුම නගරයේ සති පොළට බඩු වෙළඳාම් කිරිම සඳහා පැමිණෙන වෙළෙන්දෙකු බවත් මෙදින දෙහි ගෙඩි මල්ලකද රැගෙන එය විකුණාගැනීම සඳහා පාපැදියෙන් පොළට එමින් සිටියදී අලුයම 5-00ට පමණ අලියාගේ පහරකෑමට ලක්ව තිබෙන බව පොලීසිය සිදුකල විමර්ශනවලදී හෙළිවී තිබේ.
 
අලි ගම්වැදීම වැලැක්වීම සඳහා ඉදිකර තිබෙන අලඅලි වැටද කඩාගෙන මේ දිනවල අලි ගම්මානවලට පැමිණෙන බවත් අලියා මේ පුද්ගලයාට පහරදී ඇත්තේ අලින්ගේ සුප්‍රකට ගමන් මාර්ගයක් වන අලිමංකඩකදී බවත් ප්‍රදේශවාසීහු පැවැසූහ.
 
දියබෙදුම පොලීසිය මේ පිළිබඳව පරීක්‍ෂණ පවත්වයි.