( රොමේෂ් මධුෂංඛ)
කිලිනොච්චිය පූනරීන් සංගුපිඩ්ඩි පාලම අසල මුහුදු සීමාවේදී පාවෙමින් තිබූ නරක් වූ මළ සිරුරක් අද (30) දින හමු වූ බවට පුනරීන් පොලීසිය පවසයි.
සංගුපිඩ්ඩි පාලම මාර්ගයේ ගමන්ගත් පිරිසක් විසින් අදාල මළ සිරුර මුහුදේ පාවෙනු දැක ඒ බව පුනරීන් පොලීසියට දැනුම්දීමෙන් අනතුරුව පොලිස් නිලධාරීන් විසින් අදාල ස්ථානයට ගොස් මළ සිරුර ගොඩට ගැනීමට පියවර ගෙන ඇත.
ගොඩට ගත් මළ සිරුර පරික්ෂා කිරීමේදී මළ සිරුර බොහෝ සෙයින් නරක්ව තිබීම නිසා හඳුනාගැනීමට නොහැකිව ඇති අතර මළ සිරුරේ අත් පාල බැඳ සිරුර මාළු දැලකින් ඔතා මුහුදට දැමීම හේතුවෙන් එය ඝාතනයක් බවට පොලීසිය සැක පල කර සිටියි.
මළසිරුර ප්‍රදේශයේ ධීවරයෙක්ගේදැයි සැකසහිත බවත් මහෙස්ත්‍රාත් මරණ පරික්ෂණයෙන් අනතුරුව පශ්චාත් මරණ පරික්ෂණය සඳහා කිලිනොච්චිය රෝහලට රැගෙන යාමට කටයුතු කර ඇතැයිද පරික්ෂණ සිදුකරන පුනරීන් පොලීසිය වැඩිදුරටත් පැවසීය.