(ලහිරු හර්ෂණ)
ප්‍රහාරය එල්ල වන්නේ කවදාද කවුරුන් විසින්ද කෙසේද යනාදි තොරතුරු සියල්ල ලැබී තිබියදී අප්‍රේල් 21 ප්‍රහාරය වළක්වා ගැනීමට නොහැකි වූයේ අගමැතිගේත්, ජනාධිපතිගේත් වරදින් බවත් ඒ නිසා මේ ප්‍රහාරයේ ප්‍රධාන අපරාධකරුවන් ඔවුන් බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවැසීය.
"දේශපාලනයේ ඉදිරියට යන්න සටන් පාඨයක් නැතිව සිටි අය දැන් මේ ප්‍රහාරයෙන් පසුව නැවතත් ජාතිවාදය අවුස්සන්නට පටන් ගෙන තිබෙනවා. ආණ්ඩුවත් විපක්ෂයත් දෙකම මතුපිටින් ජාතික සමගිය ගැන කතා කරමින් යටින් ගැටුම් නිර්මාණය කරනවා" යැයිද ඔහු පැවැසීය.
අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ ජනතා විමුක්ති පෙරමුණ විහාරමහාදේවී එළිමහන් රංග පීඨය ඉදිරිපිට පැවැත්වූ සත්‍යග්‍රහයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
සියලු ජාතිවාදී හා ආගම්වාදී ගැටුම්වලට සම්බන්ධ සියලු වැරදිකරුවන්ට නීතියෙන් දඬුවම් කරන ලෙස ඉල්ලමින් මෙම සත්‍යග්‍රහය ‘‘අපි මිනිස්සු‘‘ නමින් පැවැත්විණි.




