(විනීතා එම් ගමගේ)
ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය වැඩි වෙමින් පවතින නිසා ඩොලර්වලට වැඩි මිලක් ගන්නට නම් ඉක්මනින්ම තමන් සතු ඩොලර් රටට එවන්නැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විදේශයන්හි රැකියා කරන ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලීමක් කළේය.
අනේවාසික විදේශ මුදල් ගිණුම් පොලිය මත අය කරනු ලැබු රැඳවුම් බදු ඉවත් කර ඇති නිසා බැංකු හරහා මුදල් එවිය හැකි වෙතැයි ද හෙතෙම කියා සිටියේය.
තව දුරටත් ඩොලරයේ වටිනාකම රුපියලට සාපේක්ෂව වැඩි වේයැයි සිතා ඩොලර් ළඟ තබාගෙන නොසිටින්නැයි ද ඉතිසාහයේ වෙනත් කිසිදු රජයක් ලබා නොදුන් සහනයක් ලබා දී ඇති බැවින් එම අවස්ථාව ප‍්‍රයෝජනයකට ගන්නැයි ද ආචාර්ය ගුණවර්ධන මහතා ඉල්ලා සිටියේය.
මේ වනවිටත් විදේශගත ශ්‍රී ලාංකිකයින් තම ගිණුම්වලට මුදල් එවීම අරඹා ඇති නිසා ඩොලරයේ මිල අඩුවෙමින් පවතින බව ද ඔහු සඳහන් කළේය.
ඉදිරියේ දී සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් සඳහා බදු සහන ලබා දීමට ආර්ථික පර්යේෂණ ඒකකය යෝජනා කර ඇති නිසා ඔවුන්ටත් බලාපොරොත්තු තබා ගෙන ඉදිරියට යා හැකි වන බව ද මන්ත‍්‍රීවරයා කීය.
විදේශයන්ගෙන් ආනයනය කරන දැව සඳ හා අය කරන බදු මුදල් ඉවත් කිරීමට ද යෝජනා කළ බව කී ගුණවර්ධන මහතා ආනයනික රෙදිවලට අයකරන බදු ඉවත් කිරීමට ද යොජනා කර ඇතැයි පැවසීය.
මෙම යෝජනා අතුරු අයවැයේ දී ක‍්‍රියාත්මක වනු ඇතැයි ද හෙතෙම කියා සිටියේය.
ආචාර්ය බන්දුල ගුණවර්ධන මේ අදහස් පළ කළේ පුංචි බොරැුල්ල වජිරාශ‍්‍රමයේ අද (04) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.