‘පාර්ලිමේන්තු සැසියේ ගැසට්ටුව අධිකරණය හමුවේ අභියෝගයට ලක් කළ නොහැකියි‘


( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ   )
 
පාර්ලිමේන්තු සැසිය කල් ජනාධිපතිවරයා දුන් විධානය ඇතුළත් අති විශේෂ ගැසට් පත්‍රය අධිකරණය හමුවේ අභියෝගයට ලක් කළ නොහැකි බව නීතිපතිවරයා අද (05) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ දැනුම් දුන්නේය.
 
නීතිපති වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ඉන්දිකා දේමුණි ද සිල්වා මහත්මිය මෙම දැනුම් දීම කළේය.
 
එබැවින් ජනාධිපතිවරයා ගේ ප්‍රකාශයක් අභියෝගයට ලක් කළ නොහැකි හෙයින්  පාර්ලිමේන්තු සැසිය අවසන් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිකුත් කල ගැසට් නිවේදනය බලරහිත කරන ලෙස ගොනු කළ මුලික අයිතිවාසිකම් පෙත්සම  විභාගයට නොගෙනම ඉවත  දමන්නැයි ද අතිරේක සොලිසිටර් ජනරාල්වරිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
 
 
පාර්ලිමේන්තු සැසිවාරය  ලබන නොවැම්බර් 16 වැනිදා කල්තබමින් ජනාධිපති  කළ විධානය ඇතුලත් අති විශේෂ ගැසට් පත්‍රය අහෝසි කරන නියෝගයක් නිකුත් කරන්නැයි  ඉල්ලා නීතෂ නාගානන්ද කොඩිතුවක්කු මහතා අද (05) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැදවූ අතර එහිදී මෙම දැනුම් දුන්නේය.
 
මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ ,  කතානායක කරු ජයසූරිය සහ නීතිපතිවරයා නම් කරනු ලැබ ඇත.
 
පෙත්සම අගවිනිසුරු නලින් පෙරේරා , සිසිර ද ආබෘ සහ විජිත් මළල්ගොඩ යන මහත්වරුන් ගෙන් යුතු විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම කැදවිණි.