(එෆ්.අස්ලම්)
ඉරානයේ අල් මුස්තෆා ජාත්‍යන්තර විශ්ව විද්‍යාලය වතුකරයේ උපාධි පාඨමාලාවන් සිදුකර ඇත්තේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂමේ සහ උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ අවසරය සහිතව බව එක්සත් ජාතික පක්ෂ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.අරවින්ද කුමාර් මහතා සඳහන් කළේය.
මෙවන් විශ්ව විද්‍යාලයක් මෙරට තුළ ලියාපදිංචියකින් හෝ අවසරයකින් තොරව පාඨමාලා සිදුකර ඇති බවට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම අවධාරණය කර ඇත්තේ සෙන්දිල් තොන්ඩමන් අමාත්‍යවරයා විසින් අල් මුසතෆා විශ්ව විද්‍යාලය යන නමින් යවන ලද ලිපියකට පිළිතුරු වශයෙන් යැයි ද මන්ත්‍රීවරයා සඳහන් කර සිටියේය.
ඉරානයේ අල් මුස්තෆා ජාත්‍යන්තර විශ්ව විද්‍යාලය විසින් වතුකරයේ පවත්වාගෙන යන උපාධි පාඨමාලාව පිළිබදව සහ ඒ ගැන තමාට චෝදනා කරමින් ඌව පළාත් මාර්ග වතු යටිතල පහසුකම් හා දෙමළ අධ්‍යාපන අමාත්‍ය සෙන්දිල් තොන්ඩමන් මහතා පසුගියදා මාධ්‍ය හමුවේ සිදුකළ ප්‍රකාශය පිළිබද අදහස් පලකරමින් අරවින්ද කුමාර් මහතා මේ බව කියා සිටියේය.
එහිදී වැඩිදුටත් අදහස් දැක්වූ අරවින්ද කුමාර් මහතා මෙලෙසද සදහන් කර සිටියේය.
"ඉරානයේ අල් මුස්තෆා ජාත්‍යන්තර විශ්ව විද්‍යාලය මෙරට ආරම්භ කරල තියෙන්නේ 2012 වසරේදී. එහි කොළඹ ශාඛාව එවක උසස් අධ්‍යාපන අමාත්‍යවරයාව සිටි එස්.බී.දිසානායක තමයි ඉරානයේ රාජ්‍ය තාන්ත්‍රිකයින්ගේ ඇරයුමෙන් එය විවෘත කරල තියෙන්නේ. සෙන්දිල් තොන්ඩමන් වගේ උගත්කමක් අධ්‍යාපනයක් නැති ඇමතිවරයකුට මේ වගේ දෙයක් තේරෙන්නේ නැහැ. මම වතුකරයේ අධ්‍යාපනය නගා සිටුවන්න ජාතියක් ආගමක් බැලුවෙ නැහැ. මට අවශ්‍ය වෙලා තිබුණේ මේ වතුකරයේ අධ්‍යාපන තත්වය නංවාලීමයි. මෙහි කිසිම නීතිවිරෝධී භාවයක් නැහැ.ඒ වගේම අන්තවාදයකුත් නැහැ.
ඒ අනුව තමයි ඉරානයේ අල් මුස්තෆා ජාත්‍යන්තර විශ්ව විද්‍යාලය මගින් පවත්වාගෙන යන උපාධි පාඨමාලාව 2018 වසරේදී වතුකරයට ගේන්න කටයුතු කළේ.සෙන්දිල් තොන්ඩමන් පවසන ආකාරයට චෝදනා කරන ආකාරයට මෙය අන්තවාදය වපුරන සරසවියක් නෙවෙයි.මෙහි ප්‍රධාන විෂය දේශපාලන විද්‍යාව.ඉරාන දේශපාලන විද්‍යාව උගන්වනවා කියල සෙන්දිල් චෝදනා කළා.දේශපාලන විද්‍යාව කියන්නෙ සමාජ විද්‍යාවක්.දේශපාලන විද්‍යාව කියන විෂය රටවල් වලට බෙද බෙදා උගන්වන විෂයක් නෙවෙයි.ලෝකයම පිළිගත් පොදු විෂයක්.රටින් රටට භාෂාවෙන් විතරයි මේ විෂය වෙන්ස් වෙන්නේ
මේ සරසවියේ 95%කම සිසුන් දේශපාලන විද්‍යාව විෂය තෝරාගෙන තියෙනවා.ඉතිරි සියයට පහක කොටසක් ඔවුන් අදහන ආගමට අනුව හින්දු ධර්මය,ඉස්ලාම් ධර්මය,කිතුණු ධර්මය වැනි විෂයන් තෝරාගෙන හැදෑරීම් සිදුකළා.මෙහි ඉගෙන ගන්න හැම ළමයටම ඉස්ලාම් ශිෂ්ඨාචාරය හෝ අල් කුරාණය ගැන ඉගැන්වීම් කළේ නැහැ."
ප්‍රශ්නය - ඔබ මේ සරසවියේ ශාඛාවක් ආරම්භ කිරීමේදී ප්‍රදේශයේ ඉස්ලාම් ආගමික පූජ්‍ය පක්ෂයෙන් විරෝධයක් මතු කළාද ?
පිළිතුර - ඔව්.ඉරානය කියන්නෙ ෂියා මුස්ලිම් රටක්.ශ්‍රීලංකාවේ අති බහුතරයක් සිටින්නේ සුන්නි මුස්ලිම්වරුන්.ෂියා සුන්නි මතවාදයන් එකට එක වෙනස් නිසා එහෙම විරෝධයක් මතුවුනා. අනික සෙන්දිල් තොන්ඩමන් ප්‍රකාශ කර සිටියා ඉරානය කියන්නෙ අයි.එස්.අයි.එස් ලාගේ නිජබිමක් කියලා.එය අසත්‍යක් ඉරානයයි අයි.එස් කියන්නේ මුගටියයි නයායි වගේ.මේ ගැන කිසිදු සොයා බැලීමකින් හෝ මෙහි විෂය නිර්දේශයන් ගැන හැදෑරීමකින් තොරවයි සෙන්දිල් මේ සම්බන්ධයෙන් පියවර ගත්තේ.
ඒ වගේම සෙන්දිල් අමාත්‍යවරයා ප්‍රකාශ කළා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ හෝ උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ අවසරයකින් තොරව අල් මුස්තෆා විශ්ව විද්‍යාලය මෙරට තුළ පාඨමාලා සිදුකළා කියලා.ඔහු ඉල්ලලා තිබුනේ අල් මුස්තෆා කියල සරසවියක් මෙරට තුළ ලියාපදිංචි කර තිබේද කියලයි.නමුත් ඌව පළාතේත් කොලඹත් උපාධි පාඨාමාලා සිදුකරන්නේ අල් මුස්තෆා ජාත්‍යන්තර විශ්ව විද්‍යාලය.එය ලියාපදිංචියකින් සහ අවසරයකින් යුතුවයි උපාධි පාඨමාලා සිදුකරන්නේ.
අප්‍රේල් 21 වනදා ප්‍රහාරයත් සමග සෙන්දිල් මේ වගේ ක්‍රියාමාර්ගයක් ගත්තේ දේශපාලන වාසි තකායි.උගත් මනුස්සයෙකුට මේ දෙය හොදින් තේරුම් ගත හැකියි.නමුත් මොහුගේ තියෙන නූගත්කමත්,වතුකරයේ තරුණයින් නූගතුන් කරමින් සිය වහලුන් සේ තබාගැනීමේ උවමනාවත් මත තමයි ඒ අයගේ අධ්‍යාපනය බිද වැට්ටීමේ අරමුණින් මේ ක්‍රියාමාර්ගය ගනු ලැබුවේ" යැයි අරවින්ද කුමාර් මන්ත්‍රීවරයා සදහන් කලේය.

