බිමල් ශ්‍යාමන් ජයසිංහ
බොල්ගොඩ ගඟ රක්ෂිතයෙන් හමු වූ විදේශීය කාන්තාවකගේ බවට සැකකරන හිස හා සෙවණගල කිරි ඉබ්බන්ආර වැවෙහි පාවෙමින් තිබූ කඳ කොටස එකම කාන්තාවකගේ දැයි සොයා බැලීම සඳහා හිසෙහි හා කඳ කොටසේ ජෛව සාම්පල් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර ඩී.එන්.ඒ. පරීක්ෂණයක් සිදු කරන බව බණ්ඩාරගම පොලිසිය පවසයි.
කිරි ඉබ්බන්ආර වැවෙහි පාවෙමින් තිබූ කඳ කොටසේ හිස හා පාද දෙකම නොතිබූ බව පොලිස් විමර්ශන වලදී අනාවරණය වී ඇත.