(නිමන්ති රණසිංහ )
බන්ධනාගාරය තුළ විකිණීම සදහා වේදනා නාශක බෙහෙත් කරල් 19ක් තුළ සඟවා හෙරොයින් ග‍්‍රෑම් හතයි මිලිග‍්‍රෑම් 30ක් බන්ධනාගාරයට රැගෙන ආ බව කියන බන්ධනාගාර රෝහලේ ඖෂධ සංයෝජකවරයකු ලබන 07 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මාලිගාකන්ද වැඩබලන මහේස්ත‍්‍රාත් කේ. වයි. පෙරේරා මහතා අද (24) නියෝග කළේය.
එලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ වැලිකඩ බන්ධනාගාර රෝහලට අනියුක්තව සේවය කරනු ලබන ඖෂධ සංයෝජකයකු වූ බෝදිගයහගේ පාලිත (54) නැමැත්තාය.
බන්ධනාගාරය කළ පැමිණීල්ලකට අනුව මෙම සැකකරු සහ ඔහු සන්තකයේ තබාගෙන සිටි හෙරොයින් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කරනු ලැබූ බව බොරැල්ල පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කරනු ලැබුවේ සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමිනි.
මෙම තැනැත්තා, වැලිකඩ බන්ධනාගාර තුළ ර`දවා සිටින රැුදවියන් වෙත හෙරොයින් අලෙවි කරන බවට ලද බුද්ධි තොරතුරකට අනුව බන්ධනාගාර නිලධාරීන් විසින් කළ සෝදිසියකදී ඉකුත් 22 වැනිදා මෙම මත්ද්‍රව්‍ය සොයාගනු ලැබූ බවත්, පසුව සැකකරු සහ මත්ද්‍රව්‍ය බොරුල්ල පොලීසිය වෙත භාරදෙනු ලැබූ බවත් බන්ධනාගාර මාධ්‍ය ප‍්‍රකාශකවරයා සදහන් කරයි.

