සතොසෙ රාක්ක හිස් වෙයි


(යොහාන් භාසුර)

සතොස අළෙවිසල්වල ආහාර ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ නොමැතිවීමෙන් ජනතාව දැඩි අපහසුතාවට පත්ව සිටිති.

රට පුරා සතොස අළෙවිසල්වල රාක්ක හිස්ව පවතින ආකාරය අද පෙරවරුවේ දැකගත හැකිවිය.

සහල්, සීනි, පරිප්පු, පාන්පිටි සහ ලූණු ඇතුළු සියලුම ආහාර ද්‍රව්‍ය සතොස අලෙවිසල්වල නොමැති තත්වයක් මේ වන විට උද්ගත වී තිබේ.

(ඡායාරූප: ශාන්ත රත්නායක)