(මොහොමඩ් ආසික්)
මහනුවර හතරළියැද්ද මුරුද්දෙණිය ප්‍රදේශයේදී වෑන් රියක් අඩි 35 ක් පමණ ප්‍රපාතකයට පෙරළී සිදුවූ රිය අනතුරින් එම වෑන් රථයේ රියදුරු ලෙස කටයුතු කළ 21 හැවිරිදි තරුණයෙකු එම ස්ථානයේදී මිය ගොස් ඔහුත් සමග ගමන් ගත් තවත් තරුණයෙකු තුවාල ලබා ඇති බව හතරළියැද්ද පොලිසිය කියයි.
බණ්ඩාරවෙල ප්‍රදේශයට ප්‍රවාහන කටයුතු සඳහා ගොස් නැවත නිවසට පැමිණෙන අවස්ථාවේ නිවස ආසන්නයේදීම මෙම වෑන් රථය පාරෙන් ඉවතට පැණ මුරුද්දෙණිය මහ විදුහලේ ප්‍රධාන ගොඩනැගිල්ලේ වැදී අනතුරට ලක්ව ඇති අතර එම අනතුර හේතුවෙන් බරපතල තුවාල ලැබූ එහි රියදුරු ලෙස කටයුතු කළ බව 21 හැවිරිදි තරුණයා එම ස්ථානයේදීම මිය ගොස් ඇති අතර අනෙක් තරුණයාද තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ගෙන තිබේ.
මෙම වෑන් රථය ගැටීම නිසා පාසැල් ගොඩනැගිල්ලේ ජනේලයකටද හානි සිදුව තිබේ.
මිය ගිය තරුණයාගේ මරණය සම්බන්ධයෙන් වූ මරණ පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය අද 10 වනදා පැවැත්වීමට නියමිතව තිබිණ. හතරලියද්ද පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර පරීක්ෂණ සිදු කරයි.