වැලිගම නගරාධිපතිට එරෙහිව විනය පියවර ගන්නැයි ඉල්ලීමක්


(අංජුල මහික වීරරත්න)

පක්ෂ නායකත්වය විවේචනය කිරීම සම්බන්ධයෙන් වැලිගම නගරාධිපති රොහාන් විජේරත්න මහතාට එරෙහිව විනය පියවර ගන්නැයි නගරාධිපතිවරුන් ලිඛිතව ඉල්ලීම් කර ඇතැයි එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවැසීය.

වැලිගම නගරාධිපතිවරයා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විවේචනය කරමින් ලිපියක් ලියා ඇතැයි ද ඒ පිළිබඳව කඩිනම් පරීක්ෂණයක් කර විනය පියවර ගන්නැයිද එක්සත් ජාතික පක්ෂයට බලය හිමි නගරසභාවල නගරාධිපතිවරුන් ලිඛිත ඉල්ලීම් කර ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ  මහ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

වැලිගම නගරාධිපතිවරයා පක්ෂ විනය කඩකර තිබේනම් ඒ පිළිබඳව පරීක්ෂණයක් කර විනය පියවර ගන්නා බව මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා ලංකාදීපයට පැවැසීය.