(රේඛා තරංගනී ෆොන්සේකා)
දෙහිවල ගල්කිස්ස නගරසභා බලප්‍රදේශයේ රත්මලාන කාශියාමාවත,ගාමිනි මාවත ඇතුලු වෙඩිකන්ද ජනතාවට මෙතෙක් අත්‍යවශ ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමට නිසි ක්‍රමවේදයක් නොමැතිවීම නිසා දැඩි ගැටලුකාරී තත්වයක් මතුව ඇතැයි ප්‍රදේශවාසින් පවසයි.
විවිධ ප්‍රදේශවල විවිධ වැඩසටහන් ක්‍රියාත්මක වන බව ප්‍රවෘත්ති ඔස්සේ දුටුවත් මෙතෙක් සමුපකාර හෝ වෙනත් සැලසුමකට අනුව ක්‍රියාත්මක සේවාවක් එම ප්‍රදේශ වලට නොපැමිණි බව ඔවුන් පවසයි.
අඩු ආදායම්ලාභින් යයි කියාගත් පිරිස් වෙනුවෙන් සියලු සහන මලු වරප්‍රසාදබොහොමයක් පුණ්‍ය ආයතන සහ දේශපාලකයින් බෙදා දෙන බව පෙනෙන බවත් මේ වනවිට
කිසිදු ආදායමක් නැති මධ්‍යම පාන්තිකයා කබලෙන් ලිපට වැටී ඇති බව ඔවුන් පවසයි.
මැතිවරණ කාලයට එකී දේශපාලඥයන් තනතුරු වලට පත්වන්නේ අඩු ආදායම්ලාභින්ගේම
ඡන්දයෙන් පමනකින්දැයි ප්‍රදේශවාසීන් වැඩිදුරටත් විමසයි.