මූල්‍ය අරමුදල ජුනි 20 ලංකාවට


(අංජුල මහික වීරරත්න)

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ජූනි මස 20 වැනි දා  ලංකාවට පැමිණෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ශ්‍රී ලංකාවේ මාධ්‍ය ආයතන හිමිකරුවන් සහ අග්‍රාමාත්‍යවරයා අතර සාකච්ඡාවක් කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී පැවැත්වුනු අතර එහිදී රනිල් වික්‍රමසිංහ මහතා පැවසූයේ මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩල නියෝජිතයන් ලබන විසි වෙනිදා මෙරටට  පැමිණීමට නියමිත බවයි.

ජුනි මාසය අවසන් වන විට මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට එළැඹෙනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ එහිදී  පැහැදිලි කළේය.