මහින්ද ජනවාරීයේදී විපක්ෂ නායක කාර්යාලයේ වැඩ අරඹයි


(නාලක සංජීව දහනායක)
 
 මහින්ද රාජපක්‍ෂ මහතා ජනවාරි මස දෙවැනි සතියේදී කොළඹ-07 ශ්‍රීමත් මාකස් ප‍්‍රනාන්දු මාවතේ අංක 30 දරණ ස්ථානයේ පිහිටි විපක්‍ෂනායක කාර්යාලයේ වැඩ ආරම්භ කිරීමට නියමිත බව විපක්‍ෂයේ ප‍්‍රකාශකයෙක් ලංකාදීපයට පැවැසීය.


නව වසර සඳහා පාර්ලිමේන්තුව ලබන මස 8 වැනිදා ආරම්භ වීමට නියමිත අතර ඉන් පසුව විපක්‍ෂ නායකවරයා විපක්‍ෂනායක කාර්යාලයේදී වැඩ ආරම්භ කරනු ඇතැයිද එම ප‍්‍රකාශකයා කීය.


කෙසේ වෙතත් තමන් විපක්‍ෂනායක ධූරයෙන් ඉවත් නොකළ බව පවසමින් දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්පන්ධන් මහතා තවමත් විපක්‍ෂනායක කාර්යාලය පරිහරණය කරමින් එහි රැදී සිටින හෙයින් මහින්ද රාජපක්‍ෂ මහතාට විපක්‍ෂනායකධූරයේ වැඩ කටයුතු කරගෙන යාම දැනට බාධාවක්ව ඇතැයිද එම ප‍්‍රකාශකයා වැඩිදුරටත් සදහන් කළේය.