(ශාන්ත රත්නායක)
සිංහල සංවිධානය හා සිංහල රාවය සංවිධාන එක්ව සංවිධානය කරන ලද විරෝධතාවයක් අද (30) කොළඹ මහ බැංකුව ඉදිරිපිට පැවැත්විණි.
පෝලිම් යුගය නිමා කොට ජනතාවට ජීවත්වීමට ඉඩ ලබා දෙන ලෙසත් රට කාබාසිනියා කරන මුදල් අමාත්‍යවරයා හා මහබැංකු අධිපතිවරයා ඉවත් වන ලෙස රජයට බල කරමින් ඔවුහු මෙම උද්ඝෝසණය කළහ.
රට වනසන ආර්ථික ඝාතකයන් වහා ගෙදර යවන ලෙස බලකරමින් පුවරු ප්‍රදර්ශනය කරමින් විරෝධතාකරුවෝ සිය විරෝධතාව ප්‍රකාශ කළහ.