(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
සාහසිකයන් පිරිසක් විසින් නිට්ටඹුවේදී ඝාතනය කෙරුණු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරු දිස්ත්‍රික් මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතා පිළිබඳ ශෝක යෝජනා විවාදය දැකබලා ගැනීමට පැමිණි අතුකෝරල මහතාගේ බිරිඳ වන මාලනි අතුකෝරල මහත්මිය පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් සිය ස්වාමියාගේ ගුණ වර්ණනා කරන සෑම අවස්ථාවකදීම වරින්වර හඬා වැටීම අද මැතිසබයේදී දක්නට ලැබුණු සංවේදී සිද්ධියක් විය.
අමරකීර්ති අතුකෝරල මහතාගේ පුත් රනිදු අතුකෝරල සහ තවත් ඥාතියකුද විවාදය දැක බලා ගැනීම සඳහා පැමිණ කතානායක ගැලරියේ රැඳී සිටිනු දැකගත හැකිවිය.