(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
විවිධ වර්ගයේ මත්පෙති හා කරල් ලක්ෂයකට අධික ප්‍රමාණයක් සමඟ ආයුර්වේද වෛද්‍යවරයකු ලෙස පෙනී සිටි පුද්ගලයකු විරගුල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.
පස්යාල වීරසූරිය කන්ද ප්‍රදේශයේ ලියාපදිංචි නොකළ ව්‍යාජ වෛද්‍ය මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන බවට පොලිසිය ලද තොරතුරක් අනුව මෙම වැටලීම කර ඇත.
අත්අඩංගුවට ගත් පුද්ගලයා මීරිගම පදිංචි 59 හැවිරිදි පුද්ගලයෙකි.