බස් ගාස්තු අඩු කිරීමට පියවර


(මහින්ද නිශ්ශංක )
 
 බස්ගාස්තු 2% කින් අඩු කිරීමට පෞද්ගලික බස් හිමියෝ අද (07) තීරණය කළහ.

 අනිද්දා (09)  සිට මෙම බස්  ගාස්තු   අඩු කිරීම ක්‍රියාත්මක  කෙරෙන බව සමස්ථ ලංකා පෞද්ගලික බස්හිමියන්ගේ  සංවිධායක සුමනදාස  ගමගේ  මහතා පැවසීය.

 ජාතික ගමනාගමන කොමිෂන්  සභාව හා  බස් සංගම්  නියෝජිතයින් අතර  අද ( 7)  පැවති සාකච්ඡාවකදී  ගමගේ මහතා මේ බව පැවසීය.

මෙහිදී අවම බස් ගාස්තුව වන රුපියල් 12  අඩු වීමක් සිදු නොවේ.