( රංජිත් රාජපක්ෂ)
තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසකට එල්ල වු බඹර ප්‍රහාරයකින් තුවාල ලැබු වතු කම්කරු කාන්තාවන් පස් දෙනෙකු රෝහලට ඇතුලත් කල බව බගවන්තලාව ප්‍රාදේශිය රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරි ඒ.එස්.කේ.ජයසුරිය මහතා අද (01) පැවසිය.
මෙසේ බඹර ප්‍රහාරයකට ලක් වි තුවාල ලබා ඇත්තේ බගවන්තලාව පොලිස් වසමට අයත් බ්‍රිඩ්වෙල් වතු යායේ තේ දළු නෙලමින් සිටි වතු කම්කරු කාන්තාවන් පිරිසකි.
තේ වත්තේ ගසක් මත බැද තිබු බඹර කුඩුවක බඹර වදයකට උකුස්සෙකු පහර දිම නිසා බඹරුන් ඇවිස්සි තමන්ට පහරදුන් බව බඹර ප්‍රහාරයෙන් තුවාල ලබා බගවන්තලාව ප්‍රාදේශිය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන වතු කම්කරු කාන්තාවන් කියා සිටියේය.