පාර්ලිමේන්තුවේ භාෂා පරිවර්තක සැකපිට අත්අඩංගුවට


(රංජන් කස්තුරි)

පාර්ලිමේන්තුවේ භාෂා පරිවර්තකයකු ලෙස සේවය කළ මුස්ලිම් ජාතිකයකු සැකපිට අත්අඩංගුවට ගත් බව කුරුණෑගල පොලිසිය කියයි.

මෙම තැනැත්තා තව්හීත් ජමාත් සංවිධානයට සම්බන්ධව විවිධ ක්‍රියාකාරකම්වල යෙදුණු පුද්ගලයකු බවද පොලිසිය කියයි.

පාර්ලිමේන්තුවේ භාෂා පරිවර්තකයකු කුරුණෑගල පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගන්නා ලද බව පාර්ලිමේන්තුවට දැනුම්දුන්නේ යැයි පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා ‘ලංකාදීප’යට පැවසීය.