පාර්ලිමේන්තුව කැඳවා නීතියට ගරු කරන්න’යි නීතිඥවරු ඉල්ලති


(නිමන්ති රණසිංහ)
 

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා විසින් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ධූරයෙන් ඉවත් කිරීම චේතනාන්විතවම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමක් සහ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී කි‍්‍රයාවක් බවත් එතැන් පටන් සිදුකරනු ලබන සියළු පත්කිරීම්  නිතිවිරෝධී පත්කිරීම් බවත් පත්කළ  එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්තී‍්‍ර ආචාර්ය නිතීඥ ජයම්පති වික‍්‍රමරත්න මහතා අද (28)  පැවසීය. 
 
‘ව්‍යවස්ථාවට ගරු කරන ලෙසත් පාර්ලිමේන්තුව කල් තැබීම වහාම අවලංගු කරන ලෙසත් බල කර සිටිමු’ යන මැයෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා වූ නිතීඥ සංගමය විසින් රාජගිරියේ පිහිටි සාධාරණ සමාජයක් සදහා වූ ව්‍යාපාර කාර්යාලයේදී අද (28) පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම කරුණු සදහන් කර සිටියේය.
 
මෙම මාධ්‍ය හමුව සදහා ප‍්‍රජාතන්ත‍්‍රවාදය සදහා වූ නිතීඥ සංගමයේ අධි නිතීඥ ලාල් විජේරත්න, නිතීඥ නාමල් රාජපක්ෂ, නිතීඥ අබ්දුල් මර්ෂුක්,  නිතීඥ යසස් ඩි සිල්වා,  නීතිඥ හරිෂ්කා නදීෂානී, නිතීඥ ප‍්‍රබෝධ රත්නායක, සහ නිතීඥ නවීන් හෙට්ටිගේ යන මහත්ම මහත්මීන් සහභාගී වී සිටියහ.