(අංජුල මහික වීරරත්න)
පාර්ලිමේන්තු සැසිවාරය කල් තැබීමට ජනාධිපතිවරයාට ඇති බලය වෙනස් කළ යුතු බවට වන යෝජනාවක් ඉදිරියේදී එක්සත් ජාතික පක්ෂය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක නවීන් දිසානායක මහතා මාධ්‍ය හමුවකදී අද (04) පැවැසීය.
කතානායකවරයාගේ ලිඛිත අවසරයක් ඇතිව පමණක් එවැනි කල් දැමීමක් කළ හැකි ආකාරයට යෝජනාව ඉදිරිපත් කරන බවද නවීන් දිසානායක මහතා සඳහන් කළේය.
ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව කල් තැබීමේ බලය පාවිච්චි කළ යුත්තේ ඉතා සෝදිසියෙන් බව කී දිසානායක මහතා අද ඔහු එම බලය ඉතා අයුතු ලෙස භාවිත කරමින් සිටින බවද පැවැසීය.
කොළඹ අරලියගහ මන්දිරයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මේ බව පැවසීය.