(මුදිතා දයානන්ද)
නීති විරෝධීව පත්වු අගමැතිද, ඔහු යටතේ ලබාදුන් සියලූ පත්වීම්ද තමන් පිළිනොගන්නා අතර ඒවා ප‍්‍රතික්ෂේප කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා යැයි ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත හේරත් මහතා අද (04) පැවසීය.
ඔහු මේ බව පැවසූයේ පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදීය.
එහිදි තවදුරටත් අදහස් දැක්වූ හේරත් මහතා මෙසේද පැවසීය.
යහපාලන ආණ්ඩුව බලයට එද්දි මේ රටේ ජනතාවට ලබාදුන් පොරොන්දු කිසිවක් ඉටු කළේ නැහැ. ඒ නිසා ජනතාවට ඒක එපා වෙලා තිබුණේ. අපිත් රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංගයට පක්ෂව ඡන්දේ දුන්නා. ඒ නිසා අපි ඔහු අගමැති ලෙස පිළිගන්නෙත් නැහැ.
එහෙත් ඔහුව පරාජය කළ යුතු හා ඉවත් කළ යුතු ක‍්‍රමයක් ව්‍යාවස්ථාවේ තිබෙනවා. ඒ ක‍්‍රමයට පිටින් ගිහින් පත් කළ නව අගමැතිගේ පත්වීම නීති විරෝධියි. ඒ අනුව ඔහුගේ පත්විමෙන් පසුව පත්කළ ඇමතිකම්, අමාත්‍යංශ ලේකම් දූර, ආයතනවල සභාපති වරු ආදී මේ සියලූ පත්වීම් නීති විරෝධීයි. අපි මේ කිසිම පත්මක් පිළිගන්නේ නැහැ.
පත්කළ අගමැතිත්, හිටපු අගමැතිත් දෙදෙනාම අපි පිළිනොගන්නා අතර අපි පෙනී සිටින්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙනුයි. එහිදි අප පක්ෂය එක එක්කෙනාට ඕන ලෙස තම තමන්ගේ ගොඩවල්වලට දාගත්තාට එසේ කර අපිට විවිධ හංවඩු ගැහුවාට ඒවායින් අපි සැලේන්නේ නැහැ. මොන අවලාද ආවත් ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් අපේ සටන ඉදිරියටම ගෙනයනවා.