(රන්ජන් කස්තුරි
ලබන වසරේදී නව උපාධි පාඨමාලා දෙකක් අලුතින් හඳුන්වා දෙන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සඳහන් කරයි.
පේරාදෙණිය විශ්වවිද්‍යාලය මගින් ක්‍රියාත්මක කෙරෙන එම උපාධි පාඨමාලා දෙක සමාජ වෘතවේදය සහ භූගෝල තොරතුරු විද්‍යාව නමින් හඳුන්වා දී ඇති අතර එක් පාඨමාලාවකට සිසුන් 50 බැගින් 2018/ 2019 අධ්‍යයන වර්ෂයේදී සිසුන් 100ක් බඳවාගන්නා බවද විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සඳහන් කරයි.
මේ අතර 2018/ 2019 අධ්‍යයන වර්ෂය සඳහා රට පුරා විශ්වවිද්‍යාලවලට සිසුන් 31158 දෙනෙකු බඳවා ගැනීමට නියමිත බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ලේකම් ආචාර්ය ප්‍රියන්ත ප්‍රේමකුමාර මහතා පැවැසීය.