(යොහාන් භාසුර)
තාක්ෂණ හා ආයෝජන ප්‍රවර්ධන සහ කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීමේ යන අමාත්‍යාංශ දෙකක් පිහිටුවමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.
මෙතෙක් ආරක්ෂක අමාත්‍යාංශය යටතේ පැවති ආගමන හා විගමන, විදුලි සංදේශ, තොරතුරු තාක්ෂණ, සයිබර් ආරක්ෂණ, පුද්ගලයන් ලියාපදිංචිකිරිම, ආයෝජන ප්‍රවර්ධන සහ ආර්ථික සංවර්ධනය යන විෂයන්හි බලතල හා කාර්‍යයන් නව අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් තාක්ෂණ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයට පවරා තිබේ.
තාක්ෂණ හා ආයෝජන ප්‍රවර්ධන සහ කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීමේ යන අමාත්‍යාංශ දෙක ඉදිරි දින දෙක තුළ පිහිටුවීමට නියමිත බවත් රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.