(ඩයනා උදයංගනී)
සබරගමුව පළාතේත්, මහනුවර, නුවරඑළිය සහ කළුතර දිස්ත්‍රික්කවලත් අද (10) විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
වයඹ පළාතේත් ගම්පහ, කොළඹ, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.
ඌව පළාතේ සහ මඩකලපුව, අම්පාර දිස්ත්‍රික්කවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව ද එම ප්‍රකාශකයා සඳහන් කළේය.
උතුරු උතුරුමැද, වයඹ පළාත්වලත්, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට පැයට කිලෝමීටර 40, 50ක පමණ වේගවත් සුළං ඇති විය හැකි බව ද ඔහු කීවේය.