(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
දරුවන් සහ කාන්තාවන් වෙනුවෙන් විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකා දෙකක් නම් කර ක්‍රියාත්මක කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
"ක්ලීන් ශ්‍රී ලංකා" වෙනුවෙන් ජනාධිපති කාර්ය සාධක බලකායක් ක්‍රියාත්මක කර තිබෙනවා.ඒ වගේම දරු පරපුර සහ කාන්තාවන් වෙනුවෙන්ද ඒ කාර්යය කරන්නට බැරි කමක් නැහැ.
නිවසේදී මෙන්ම මහ මඟදීත් වැඩපළේදීත් කාන්තාව දරුවා දැරිය බරපතල ඛේදවාචකයකට මුහුණ දෙමින් සිටින බව අප පිළිගත යුතුයි. මේ සඳහා සර්ව පාක්ෂික වැඩපිළිවෙළක් අවශ්‍යයි. එමෙන්ම සර්ව පාර්ශ්ව වැඩපිළිවෙළක් අවශ්‍යයි.මන්දපෝෂණය දුරැලීම සඳහාත් දරු දැරි කාන්තා අයිතිය සුරැකීමටත් අප සියලු දෙනා එක් සිත්ව කටයුතු කරමු යැයි යෝජනා කරනවා යනුවෙන්ද විපක්ෂ නායකවරයා කීය.