දයාසිරිගෙන් පොලිසියට ප්‍රකාශයක්


ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අද (18 වැනිදා) පෙරවරුවේදී කොළඹ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට පැමිණ ප්‍රකාශයක් දී ඇත. පසුගියදා කුලියාපිටිය ප්‍රදේශයේදී ඇතිවූ සිදුවීමක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් දීමට ජයසේකර මහතා පැමිණ තිබේ.  

මෙම ප්‍රකාශය දීම සඳහා ජයසේකර මහතා පැය 02කට ආසන්න කාලයක් නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ රැඳීසිට ඇත.

පසුගිය 13 වැනිදා කුලියාපිටිය ප්‍රදේශයේදී සිදුවූ කලබල සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පිරිසකට ඇප ලබාගැනීම සඳහා දයාසිරි ජයසේකර මහතා උනන්දු වූ ආකාරය සම්බන්ධ වීඩියෝවක් ට්විටර් සමාජ ජාලය ඔස්සේ ලොව පුරා ප්‍රචාරය වෙයි.

අත්අඩංගුවට ගත් පිරිසක් මුදවා ගැනීම සඳහා හෙට්ටිපොල පොලිස්ථානයට යන ජයසේකර මහතා ඔවුන්ව තම ජීප්රියේ නංවාගෙන බිංගිරිය පොලිස් ස්ථානය වෙත ගෙන ගිය බවත් පසුව බිංගිරිය පොලිස් ස්ථානයේදී ඔවුන්ට ඇප ලැබුණු බවත් කියැවේ.

https://twitter.com/i/status/1128479037838336001