තෙල් හා විදුලි අර්බුදයට වහා විසදුම් ඉල්ලා ජවිපෙ පාරට


( තිලකරත්න දිසානායක සහ ආනන්ද ජයකොඩි.)

ජනතාව පෙළෙන තෙල් හා විදුලි අර්බුදයට වහා විසදුම් ලබා දෙන ලෙස සහ ජීවන බර අඩුකරන ලෙසට රජයට බලකිරීමේ උද්ඝෝෂණයක් යක්කල නගරයේදී අද සවස පැවැත්විණි. 

මීට ජනතා විමුක්ති පෙරමුණ සාමාජිකයින් විශාල පිරිසක් එක්ව සිටි අතර ඔවුන් අත තිබූ පුවරුවල " ජනතාවට ජීවත්වීමට ඉඩ දෙනු " , " ඉන්ධන මත  පනවා ඇති බදු අඩුකර ජනතාවට සහන ලබා දෙනු ", " ජනතාව කබලෙන් ලිපට " වැනි වැකි සදහන්ව තිබූ ආකාරයක් දක්නට ලැබිණි.

මෙම අවස්ථාවට හිටපු පළාත් සභා මන්ත්‍රී මහින්ද ජයසිංහ මහතා ඇතුලූ පළාත් පාලන ආයතන නියෝජිතයෝ පිරිසක්ද එක්ව සිටියහ.