(නිමන්ති රණසිංහ)
තඹ කර්මාන්තශාලාවේ සිද්ධියට අදාළ 10 වන සැකකරු වූ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි කරුපයියා රාංකේන්ජන් හෙවත් අබ්දුල්ලා නමැත්තා ලබන 30 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද(17) නියෝග කළේය.
මෙම සැකකරු ෂැංග්‍රිලා බෝම්බකරු සමඟ සමීප සම්බන්ධතා පවත්වා ඇති බවත්, ඔහුගේ රුපියල් ලක්ෂ 25ක චෙක්පත් මෙම සැකකරු බාරයේ තිබී අත්අඩංගුවට ගත් බවද පොලිසිය පැවසීය.

