ජාතික වෙසක් උත්සවය සමරන්න සියල්ල සූදානම්


(දීපාල් ද සිල්වා)

මෙවර ජාතික වෙසක් උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් හික්කඩුව තෙල්වත්ත රත්පත් රජමහා විහාරස්ථානයේදී හෙට (17) ආරම්භ කිරීමට සියලු කටයුතු සංවිධානය කර අවසන් බව බුද්ධ ශාසන ඇමති ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා අද (16) පැවසීය.

ඇමතිවරයා මේ බව පැවසුවේ තෙල්වත්ත රත්පත් රජමහා විහාරයේ පැවැති උත්සව සංවිධාන කමිටු රැස්වීමට සහභාගී වීමෙන් අනතුරුවය.

මෙම රැස්වීමට ගයන්ත කරුනාතිලක, වජිර අබේවර්ධන යන ඇමතිවරු ඇතුළු රාජ්‍ය නිලධාරීහු පිරිසක් එක්ව සිටියහ.

ජාතික වෙසක් උත්සවය 17 සහ 18 යන දෙදින තුළ පැවැත්වෙන බවත් මෙම දිනවල පැමි‍ණෙන ජනතාවට අවශ්‍යකරන පහසුකම් හා ආරක්ෂාව සපයා ඇති බවත් ගාල්ල දිස්ත්‍රික් ලේකම් සෝමදාස විදානපතිරණ මහතා පැවසීය.