(උපාලි ආනන්ද)
ජාතික තව්හීත් ජමාත් සංවිධානය හා මරාගෙන මැරෙන බෝම්බකරුවන් සමඟ සෘජු සබඳතා පැවැත්වූ බවට අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයා සහ ගුරුවරයා පැය 72 ක් රඳවා තබා ගෙන ප‍්‍රශ්න කිරිමට කැබිතිගොල්ලෑව දිසා විනිසුරු සහ මහේස්ත‍්‍රාත් මාලින්ද අල්විස් මහතා හොරොව්පොතාන පොලිසියේ ස්ථානාධිපතිවරයාට අද (17) නියෝග කළේය.
ඒ මෙම සැකකරුවන් දෙදෙනා කැබිතිගොල්ලෑව මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු මහේස්ත්‍රාත්වරයා එලෙස නියෝග කළේය.
මෙලෙස රඳවා ප‍්‍රශ්න කිරීමට නියෝග කෙරුණේ හොරොව්පොතන වීරසෝලේ මුස්ලිම් විද්‍යාලයේ විදුහල්පති මොහොමඩ් අද්දර් රසුල් (56) සහ හොරොව්පොතන ඇටවීරවැව මුස්ලිම් විද්‍යාලයේ ගුරුවරයකු වන අබ්දුල් ජාබාර් නිජාබ් යන සැකකරුවන් දෙදෙනාය.
බස්නාහිර පළාත් බුද්ධි තොරතුරු ඒකකය විසින් ලබා දුන් තොරතුරකට අනුව හොරොව්පොතන පොලිසියේ ස්ථානාධිපතිගේ මෙහෙයවීම මත සිදු කළ වැටලීමකදී මෙම සැකකාර විදුහල්පතිවරයා සහ ගුරුවරයා අද අත්අඩංගුවට ගැණිනි.
පසුගිය 21 දා කතෝලික දේවාස්ථාන වලට ප‍්‍රහාර එල්ල කල මරා ගෙන මැරෙන බෝම්බකරුවන් සමඟ මෙම සැකකරුවන් දෙදෙනා සෘජු සබදතා පවත්වා ඇති බව දැනට සිදු කර ඇති මූලික විමර්ශන වලදී අනාවරණය වී තිබේ.

