(පැතුම් දර්ශන)
ඉකුත් 21 දා සිදු වූ ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් මියගිය බෝම්බකරුවෙක් සමඟ සමීප සබඳතා පැවැත්වූ තවුහීත් ජමාත් සංවිධානයේ ප්‍රබල සාමාජිකයන් දෙදෙනකු බව කියන හොරොව්පොතාන වීරසොලෙ විදුහලේ විදුහල්පතිවරයා සහ හොරොව්පොතාන ඇටවීරවැව විදුහලේ ගුරුවරයකු අත්අඩංගුවට ගත් බව හොරොව්පොතාන පොලිසිය කියයි.
බස්නාහිර පළාත් බුද්ධි තොරතුරු අංශයෙන් ලබා දුන් තොරතුරු අනුව මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවේ හොරොව්පොතාන පත්තෑව ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි මොහොමඩ් අද්දර් රසුල් සහ 47 හැවිරිදි අබ්දුල් ජබාර් නිජාබ් නැමති පුද්ගලයන් දෙදෙනෙකි.
මොවුන් ඉකුත් 23 දා සිදු වූ ප්‍රහාර මාලාවේ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දී බෝම්බය පුපුරුවා ගැනීමට සැලසුම් කර තිබූ බෝම්බකරුගේ සමීප හිතවතුන් බවත් පසුගිය කාලයේ කොළඹ ප්‍රදේශයෙ පවත්වන ලද අන්තවාදී දේශන සඳහා සහභාගි වී ඇති බවටත් බුද්ධි තොරතුරු ලැබී ඇති බව පොලීසිය වැඩිදුරටත් කියයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (17) කැබිතිගොල්ලෑව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු පැය 72 ක් රඳවා ප්‍රශ්න කිරීමට නියමිතය.

