ඩයනා උදයංගනී
උතුරු පළාතට අමතරව මේ වන විට මධ්‍යම සහ වයඹ පළාතද ඇතුළුව දිස්ත්‍රික්ක හතක වැසියන් ජලගැලීම්වලින් පීඩාවට පත්වී තිබේ.
උතුරු පළාතේ මුලතිව්, කිලිනොච්චිය, මන්නාරම, වව්නියාව සහ යාපනය යන දිස්ක්‍රික්කවල ප්‍රදේශ රැසක ද මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක ද, වයඹ පළාතේ පුත්තලම දිස්ක්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක ද ජලගැලීම් හේතුවෙන් ජනතාව පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
ජලගැලීම් තත්ත්වයෙන් පවුල් 26,314කට අයත් 82,275 දෙනෙකු තවමත් පීඩාවට පත්ව සිටින අතර ඉන් අවතැන් වූ පවුල් 2,803කට අයත් 8,517 දෙනෙකු ආරක්‍ෂිත ස්ථාන 30ක සිටින බව එම මධ්‍යස්ථානයේ ප‍්‍රකාශකයෙක් පැවසීය.
ගං වතුරට හසුවීමෙන් යාපනය දිස්ත්‍රික්කයේ අයෙක් මියගොස් ඇත.
උතුරු පළාතේ ජලය බැස යාම ඉතා සෙමින් සිදුවන බවද අපදා කළමනාකරණ මධයස්ථානයේ ප්‍රකාශකයා කීවේය.
වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ කිලිනොච්චිය සහ මුලතිව් දිස්ත‍්‍රික්කයන්ටය.
මෙම තත්ත්වය හේතුවෙන් නිවාස 28ක් සම්පූර්ණයෙන් විනාශ වී ඇති අතර තවත් නිවාස 500කට අර්ධ හානි සිදුව ඇති බව ද ඔහු කීවේය.

