ඛනිජ තෙල් සංස්ථා වෙඩි තැබීම ගැන 20 ක ගෙන් ප්‍රකාශ ගනී


ඉන්දිකා රාමනායක
 
දෙමටගොඩ පිහිටි ඛණිජ තෙල් සංස්ථාවේ මුලස්ථාන  පරිශ‍්‍රයේ  ඇමැති ආරක්ෂක පොලිස් නිලධාරියකු සිදුකළ වෙඩි තැබීමකින් සේවකයකු මියගොස්  තවත් සේවකයකු  තුවාල ලැබීමේ   සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට පුද්ගලයන් 20 ට අධික පිරිසකගෙන් ප‍්‍රකාශ සටහන් කරගෙන ඇති බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.


ප‍්‍රකාශ සටහන් කරගත් පිරිස අතර තෙල් සංස්ථා ආරක්ෂක නිලධාරීන්, පොලිස් නිලධාරීන්,  සේවකයන් කිහිප දෙනෙකු වන බව උසස් පොලිස් නිලධාරියකු පැවසීය.


මෙම ගැටුම් සිද්ධිය  මුල් වු බව කියන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ නාගරික මන්ත්‍රී  කුලතිස්ස ගීගනගේ  මහතාගෙන් ද  සිද්ධිය සම්බන්ධයෙන් ප‍්‍රකාශ සටහන් කරගත් බව පොලිසිය පවසයි.


මෙම සිද්ධි සී සී ටී වී දර්ශන  පොලිසිය වෙත ලබාගෙන ඇති අතර  ඒ අනුව පරීක්ෂණ පවත්වා  සිද්ධියට සම්බන්ධ  තවත්  කිහිප දෙනෙකු ඉදිරියේ අත්අඩංගුවට ගන්නා බව  පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.


දෙමටගොඩ පිහිටි ඛණිජතෙල් සංස්ථාවේ මුලස්ථාන  පරීශ‍්‍රරයේ ඇති සී සී ටී වී දර්ශන පරීක්ෂා කිරීම  සිදුකරමින් පවතින බවද උසස් නිලධාරියෙක් පැවසීය.