කෘෂි ඇමති ’’හොඳ’’ හෙටක් ගැන කියයි


(අංජුල මහික වීරරත්න)

යල කන්නයේ වගා කරතියි අපේක්ෂිත කුඹුරු වලින් සියයට  අනුවක් මේ වන විට වගා කටයුතු අරඹා ඇතැයි කෘෂිකර්ම වනජීවී සහ වන සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

2022 යල කන්නයේ කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් වගා කිරීමට සැලසුම් කර තිබු සමස්ත කුඹුරු ප්‍රමාණය හෙක්ටෙයාර් 601,261.73ක් බවත් මෙි වන විට  හෙක්ටෙයාර් 446,440.25 ක වගා අරඹා තිබෙන බවත් කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.

වී වගාව සඳහා අවශ්‍ය රසායනික පොහොර, කෘමි නාශක හා වල් නාශක නොමැති වීම නිසා 2022 මැයි මස පළමු සතිය වන තෙක් ගොවි ජනතාව විසින් වගා කර තිබු කුඹුරු ප්‍රමාණය හෙක්ටෙයාර් 266,500කි.

සති දෙකක් වැනි කෙටි කාලයක් ඇතුළත ගොවීන් නැවතත් කුඹුරු අස්වද්දන්නට පියවර ගැනීම නිසා යල කන්නයේ වගා කිරීමට  පියවර ගෙන තිබීම මගින් ඉදිරියේ දී විශාල සහල් අර්බුදයකට මුහුණ පාන්නට සිදු  නොවනු ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.