(සුමිත් පොතුපිටිය)
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සහ ශ්‍රී ලංකා රේගුවේ උසස් නිලධාරීන්ගේ නිල මුද්‍රාව උපයෝගී කරගනිමින් කූඨ ලේඛන සකසා රේගුවේ නිශ්කාෂණය නොවූ වාහන දිවයිනේ විවිධ ප්‍රදේශවලට අලෙවි කළ පුද්ගලයෙකු අද (10) පස්වරුවේ කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පයාගල , හල්කඳවිල ප්‍ර දේශයේ පදිංචි පුද්ගලයෙකු බව පොලිසිය කීය.
කුලී ගෙවීමේ පදනම මත වාහන ලබාදෙන ස්ථාන වෙතින් වාහන සොරකම් කොට එම වාහන අංකවලට අදාලව රේගුවේ නිශ්කාෂණ නොවූ වාහනවලට ලේඛන සකස් කොට දිවයිනේ විවිධ ප්‍ර දේශවලට අලෙවිකර ඇති බව පොලිසිය සදහන් කරයි.
සැකකරු පයාගල නිවසේදී අත්අඩංගුවට ගෙන ව්‍යාජ ලේඛන සකස්කොට අලෙවි කිරීමට සූදානම් කර තිබූ රුපියල් කෝටි පහකට ආසන්න වටිනාකමකින් යුත් සුඛෝපභෝගී මෝටර් රථ 3 ක් , ව්‍යාජ ලේඛන සීයකට ආසන්න ප්‍රමාණයක් , රුපියල් ලක්ෂ 45 ක් පමණ වටිනා ප්‍රේෂණපත් , රුපියල් ලක්ෂ 10 ක් පමණ මුදලක්, රේගුවේ උසස් නිලධාරීන් ගේ ව්‍යාජ මුද්‍රණ 10 ක් පොලිස් භාරයට ගෙන ඇතැයි පොලිසිය කියයි .
සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි .
කළුතර නියෝජ්‍ය පොලිස්පති සරත් කුමාර, ජේ්‍්‍යෂ්ඨ පොලිස් අධිකාරී කපිල ප්‍රේමදාස, සහකාර පොලිස් අධිකාරී දුමින්ද රාජපක්ෂ ස්ථානාධිපති ප්රිධාන පොලිස් පරීක්ෂක සනත්කුමාර යන මහත්වරුන් ගේ උපදෙස් පරිදි කොට්ඨාස දූෂණ වැටලීම් ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක නුවන් කෝරලගේ මහතාගේ ප්‍රධානත්වයෙන්, උප පොලිස් පරීක්ෂක අමරසූරිය, සැරයන්වරුන් වන ධර්මසේන (12980) අනුප්රිපය (51907), සුසිල් (45787), ඉන්දික (60015), කොස්තාපල්වරුන් වන දේශප්‍රිය (67757), අසංක (40982), ප්රි7යසාද් (91332), චතුරංග (100191), පොකොරි අමල්ක (89882) යන නිලධාරීහු වැටලීමට එක්වූහ.