තංගල්ල කුඩාවැල්ල ධීවර වරායේ සිදු වු වෙඩි තැබීම සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් අරඹා තිබේ.
පොලිස්පති පුජිත ජයසුන්දර මහතාගේ උපදෙස් මත මෙම පරීක්ෂණ අරඹා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.
දකුණු පළාත්භාර ජ්‍යෙෂ්ඨ පොලිස්පතිවරයා සහ දිසාභාර නියෝජ්‍ය පොලිස්පතිවරයා එම පරීක්ෂණ කටයුතු සඳහා මේ වන විට එම ස්ථානයට ගොස් තිබේ.
අද (25) උදෑසන 6.30 ට පමණ සිදු වු මෙම වෙඩි තැබීමෙන් පුද්ගයින් 4ක් මිය ගොස් තවත් 6 දෙනකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.
ධිවර වරායේ දෙපිරිසක් අතර කලක සිට පවතින ගැටුමක් හේතුවෙන් මෙම වෙඩි තැබීම සිදු වී ඇතැයි පොලීසිය සැකකරයි.
(36698)

