අංජුල මහික වීරරත්න
පාර්ලිමේන්තුව කැඳවන දින අගමැති අසුන හිමිවිය යුත්තේ රනිල් වික්‍රමසිංහ මහතාට බව එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක හරීන් ප්‍රනාන්දු මහතා මාධ්‍ය හමුවකදී අද (5) පැවැසීය.
පාර්ලිමේන්තුව කැඳවූ විට අගමැති අසුන හිමිවිය යුත්තේ කාටදැයි මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් හරීන් ප්‍රනාන්දු මහතා මේ බව කීය.
“නව පාර්ශවයට හිමි බහුතරය පෙන්වීමට හැකිවන තුරු පෙර පැවති නායකත්වය පිළිගැනීමට මා හට සිදුවන බව අවධාරණය කරමි” යනුවෙන් කතානායක කරු ජයසූරිය මහතා නිකුත් කළ නිවේදනයට අනුව පාර්ලිමේන්තුවේ අගමැති අසුන කාටදැයි තර්කයක් නැති බවද හරීන් ප්‍රනාන්දු මහතා කීය.
ඒ අනුව රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ලෙස කතානායකවරයා විසින් පිළිගෙන තිබෙන බවද හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.
කොළඹ අරලියගහ මන්දිරයේදී මෙම මාධ්‍ය හමුව පැවැත්විණි.