(නිමන්ති රණසිංහ)
වැලිකඩ බන්ධනාගාරය තුළ ආරක්ෂක අංශ විසින් සිදුකරන ලද සෝදිසි මෙහෙයුමකදී රැදවියන් 27 දෙනකු ඝාතනය වීමේ සිද්ධියට අදාළව රක්ෂිත භාරයේ රඳවා සිටින, හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රන්ජන් ළමාහේවා මහතා ලබන 01 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් පි‍්‍රයන්ත ලියනගේ මහතා අද (24) නියෝග කළේය.
මෙම සිද්ධියට අදාළ රස පරීක්ෂක වාර්තාව මෙතෙක් ලැබී නොමැති විම හේතුවෙන් සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් මහෙස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.
මෙම සිද්ධියට අදාළ පළමු සැකකරු වූ හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රන්ජන් ළමාහේවා මහතා බන්ධනාගාරය භාරයේ සහ සිද්ධියේ දෙවැනි සැකකරු වූ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මහතා ඇප මත සිටිමින් අද (24) අධිකරණය හමුවේ පෙනී සිටියහ. එසේම, සැකකාර හිටපු බන්ධනාගාර කොමසාරිස්වරයාව බන්ධනාගාරය අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණේ ගිලන්රථයකින් රැගෙන අවුත්ය.
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මෙම සිද්ධියට අදාළව මාස හයක් පමණ රක්ෂිත බන්ධනාගාර ගත වී සිටි අතර, ඉකුත් ඔක්තෝම්බර් මස 21 වැනිදා අභියාචනාධිකරණයෙන් ඇප ලබා දී තිබිණී.

