(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පසුගිය රජය සමයේදී ආනයනය කෙරුණු ඉමියුනොග්ලොබියුලීන් ප්‍රතිදේහ ජනක ඖෂධවල තිබී ඇත්තේ වතුර බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
ඒ පිළිබඳ වාර්තාව ලැබී ඇතැයිද ඔහු සඳහන් කළේය.
සමහර බෙහෙත් කම්පැනි වල ඒකාධිකාරය බිඳ දමා ඇතැයි ද ඔහු සඳහන් කළේය
පැපුරෝන් එන්නත ඉස්සර තිබුණේ හැත්තෑ දාහට බවත් දැන් අපි ගන්නේ රුපියල් 370ට බවත් ඔහු කීවේය
හිටපු සෞඛ්‍ය ඇමතිවරයා සම්බන්ධ වුණු ඉමියුනොග්ලොබියුලීන් එන්නත එකක් ගත්තේ එක් ලක්ෂ විසි දාහකට බවත් ඒක දැන් අපි ගන්නේ රුපියල් තිස් දාහට බවත් නියෝජ්‍යමාත්‍යවරයා කීය.
ඒ එක ටෙන්ඩරයකින් ඉතිරි කරපු මුදල කෝටි විස්සක් බව ඔහු සඳහන් කළේය.
සෙපියුරොක්සින් ප්‍රති ජීවක ඖෂධයෙන් මුලින් ගත්තේ පන්සිය හැත්තෑවට බව පැවසූ විජේමුණි මහතා දැන් ගන්නේ රුපියල් හැත්තෑවට බවද ප්‍රකාශ කළේය.
ඒ එක ටෙන්ඩර එකෙන් කෝටි අනූවක් ඉතිරි කරගත් බව හෙතෙම වැඩිදුරටත් පැවසීය.