(චමිල් රූපසිංහ සහ හර්ෂණ තුෂාර සිල්වා)
ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් තරංජිත් සිං සන්ධු මහතා අද (17) ශ්‍රී දළඳා මාළිගාව වැඳ පුදා ආශීර්වාද ලබාගත්තේය. එහිදී දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් මහ කොමසාරිස්වරයා පිළිගන්නා ලදී.
ඉන් අනතුරුව මහ කොමසාරිස්වරයා මල්වතු මහා විහාරයේදී මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමියන් සහ අස්ගිරි මහා විහාරයේදී එම පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන මහනාහිමියන් බැහැ දුටුවේය.
තරංජිත් සිං සන්ධු මහතා එහිදී මහ නාහිමිවරුන් සමඟ ශ්‍රී ලංකාවේ වත්මන් ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කළ අතර ජිහාද් ත්‍රස්තවාදය පරාජයට පත් කිරීමට ඉන්දියාව ශ්‍රී ලංකාවට පූර්ණ සහයෝගය දෙන බව ද ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර දීර්ඝ කාලීන මිත්‍රත්වයක් පවතින බවත් ඒ මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරගැනීම අසල්වැසියකුගේ යුතුකමක් බවත් ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් තරංජිත් සිං සන්ධූ මහතා ප්‍රකාශ කළේය.
මහ කොමසාරිස්වරයා ඉන්දීයාවේ මූල්‍ය ආධාර මත මහනුවර පල්ලේකැලේ ශ්‍රී ලංකා ජාත්‍යන්තර බෞද්ධ ඇකඩමිය පරිශ්‍රයේ ඉදිවන ‘උඩරට නර්තන පාසලේ’ ප්‍රගතිය ද නිරීක්ෂණය කළේය.
මෙම හමුව සඳහා ඉන්දියානු සහකාර මහ කොමසාරිස් ධිරේන්ද්‍ර සිං මහතා ඇතුළු පිරිසක් එක්වූහ.




(ඡායාරූප - චමිල් රූපසිංහ)






