ඇමෙරිකාවේ ප්‍රහාර කරන්න සැලසුම් කළ අයෙක් අධිකරණයෙන් වරදකරු කරයි


නිව්යෝක්හිදීය (ඒ.එෆ්.පී)

ඇමෙරිකාව තුළ ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් කිරීමේ චෝදනාවකට ලක්ව සිටි පුද්ගලයකු ඇමෙරිකානු ෆෙඩරල් අධිකරණයක් විසින් වරදකරුවකු කරනු ලැබිණි.

ලෙබනනයේ ෂියා කණ්ඩායමක් වන හිස්බුල්ලා සංවිධානය වෙනුවෙන් ආයුධ මිලදී ගනිමින් ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කළ බවට ඔහුට චෝදනා එල්ල වී තිබිණි.

අලී කුරානි නමැති මෙම පුද්ගලයා ලෙබනන් ජාතිකයකි.

ආයුධ මිලදී ගැනීම, ප්‍රහාර එල්ල කිරීමට කුමන්ත්‍රණ කිරීම යනාදී චෝදනා 8ක් ඔහුට එල්ල වී ඇත.

ඇමෙරිකානු එක්සත් ජනපදයේ නීතිරීතිවලට අනුව එය ජීවිතාන්තය දක්වා දඬුවම් ලැබිය හැකි වරදකි.

“හිස්බුල්ලා සංවිධානයේ අනාගත ත්‍රස්ත ප්‍රහාර සඳහා ඉලක්ක පිළිබඳ බුද්ධි තොරතුරු එක්රැස් කිරීම, ආයුධ මිලදී ගැනීම කුරානිගේ මෙහෙයුම” යැයි ඇමෙරිකා නීතිපති ජෙෆ්රි බර්මන් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය. ඇමෙරිකානු නීතිපතිවරයා හිස්බුල්ලා සංවිධානය වෙනුවට වෙනත් නමක් භාවිත කර තිබිණි.  

ජෝන් එෆ්. කෙනඩි ජාත්‍යන්තර ගුවන් තොටුපොළ සහ මෑන්හැට්න්හි පිහිටි ෆෙඩරල් ගොඩනැගිල්ලක් ඔහුගේ ඉලක්ක අතර තිබී ඇතැයි වාර්තා වේ. 

“කුරානි අද දිනයේදී චෝදනාවලට වරදකරු කරනවා. ඔහු වරදකරු කරන්නේ ද ඔහු ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් කරන ලද ගොඩනැගිල්ලක තිබෙන අධිකරණය සංකීර්ණයකදී” යැයි ද නීතිපති බර්මන් කීය.

ලෙබනනයේදී උපත ලබා ඇති කුරානි ඇමෙරිකාවට පැමිණ ඇත්තේ 2003 වසරේදී වන අතර 2009 වසරේදී ඇමෙරිකානු පුරවැසිභාවය ලබාගෙන ඇත. ලෙබනනයේ සිටියදී කුරානි හිස්බුල්ලා සංවිධානයේ පුහුණු කඳවරුවලදී පුහුණ ලබාගෙන ඇති අතර නියෝජිතයන්ගෙන් නියෝග ලබාගෙන ඇත. හිස්බුල්ලා සංවිධානයට ඉරානයේ සහාය හිමිවන බව පැවසේ.

කුරානිගේ සිර දඬුවම් සැප්තැම්බර් මස 27 වැනිදා ආරම්භ වීමට නියමිතය. 

කුරානි අත්අඩංගුවට ගත්තේ 2017 වසරේ දීය. ඔහු අත්අඩංගුවට ගත් දිනයේදීම සමෙර් එල් දෙබෙක් නමැති අයකු ද අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුගේ නඩු විභාගයදී ඉදිරියේදී පැවැත්වෙනු ඇත. ඔහුට ද හිස්බුල්ලා සංවිධානය සමඟ සබඳතා පැවැත්වූ බවට චෝදනා එල්ල වී තිබේ. 

ඉරානයේ මැදිහත්වීමෙන් 1980 දශකය ආරම්භයේදී හිස්බුල්ලා සංවිධානය නිර්මාණය කරන ලදී. ඇමෙරිකා එක්සත් ජනපදය හිස්බුල්ලා සංවිධානය ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස සලකයි.

ප්‍රංශය, ලෙබනනය සහ බල්ගේරියාවේ සිදු වූ ප්‍රහාර කිහිපයක් සම්බන්ධයෙන් හිස්බුල්ලා සංවිධානයට චෝදනා එල්ල වී තිබේ. සිරියානු සිවිල් යුද්ධයේ දී රටේ කැරැලිකරුවන්ට එරෙහිව සටන් වදින සිරියානු රජයේ ප්‍රධාන මිත්‍ර පාර්ශවයක් වන්නේ ද හිස්බුල්ලා සංවිධානයයි.  

055