(ඩයනා උදයංගනී)
තම මන්ත‍්‍රී පදවිය රුපියල් කෝටි 50කට විකුණා ඇති බවට නැගෙන චෝදනා තරයේ ප‍්‍රතික්ෂේප කරන බව සංචාරක හා වනජීවී අමාත්‍ය වසන්ත සේනානායක මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
තමන් ආණ්ඩුවට සහය පළ කිරීමට තීරණය කලේ රටට අවශ්‍ය වෙනස පිළිගනිමින් බව ද අමාත්‍යවරයාගේ මාධ්‍ය අංශය විසින් නිකුත් කර ඇති එම නිවේදනයේ සඳහන් වේ.
තමන් එක්සත් ජාතික පක්‍ෂය සමඟ සිටි නමුත් රටත් ජනතාවත් වෙනුවෙන් තමන් අපේක්‍ෂා කළ සේවය ඉටුකිරීමට එම නායකයින් අපොහොසත් වූ නිසා එම තීරණය ගත් බවද එහි සඳහන්ය.
ඇමති වසන්ත සේනානායක මහතා මේ වන විට විදේශ සංචාරයක නිරත වී සිටින නමුත් රට තුළ විවිධ මාධ්‍යයන් හි එල්ල වන අසත්‍ය චෝදනා සම්බන්ධව අවධානයෙන් සිටින බව ද එහි දැක්වේ.
පොළොන්නරුව දිස්ත‍්‍රික්කයේ එක්සත් ජාතික පක්‍ෂ පාක්‍ෂිකයින්ගේ ඡන්දයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ තමන් කිසිවිටෙකත් එම ජනතාවට අසාධාරණයක් වීමට ඉඩ නොතබන බවත්, එම ජනතාව වෙනුවෙන් තමන් අපේක්‍ෂා කරන වැඩපිළිවෙළ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ සහ නව අගමැති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ආශීර්වාදයෙන් ක‍්‍රියාත්මක කරන බවත් අමාත්‍යවරයාගේ මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයෙහි දැක්වේ.
එම නිවේදනය පහත දැක්වේ