අයි.එම්.එෆ් ණය ලැබෙන කාලය හර්ෂ හෙළිකරයි


(සුජිත් හේවාජුලිගේ )

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ණය ගැනීමට මේ අවුරුද්දේ අවසානය වන තුරු බලාසිටීමට  සිදුවනු ඇතැයි සමගි ජන බලවේගයේ පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.

ඊට කලින් මුදල් නොලැබෙන බවද හෙතෙම සඳහන් කළේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ  කණ්ඩායමක් ළඟදීම පැමිණ ගිවිසුමක් අස්සන් කිරීමට නියමිතව ඇතත්  ඒ ගිවිසුමෙන් ණය නොලැබෙන බවත් ණය ලබා ගැනීමට නම් එම අරමුදලේ ප්‍රධාන මණ්ඩලය ණය ගිවිසුමට අත්සන් තැබිය යුතු වන  බවත් ඔහු කීවේය.

ඒ සඳහා රජයේ ආදායම ඉහළ නැංවීම, සහනාධාර සම්බන්ධයෙන් කටයුතු කිරීම සහ  ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා පිළිගත හැකි  වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම යනාදි කටයුතු රැසක් සිදු කිරීමට රජයට සිදුවන බව හර්ෂ ද සිල්වා මහතා වැඩිදුරටත් පැවසීය.