අනුරාධපුර පොසොන් දන්සැලුත් අඩුවෙයි


(ඩයනා උදයංගනී)

අනුරාධපුර අටමස්ථානය සහ තන්තිරිමලේ පුදබිම කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන මෙවර ජාතික පොසොන් උත්සවය වෙනුවෙන් තවමත් ලියාපදිංචි වී ඇත්තේ දන්සල් 15 ක් පමණක් බව වාර්තා වේ.

මීට පෙර වසරවල ජාතික පොසොන් උත්සවයට සමගාමීව අනුරාධපුර නගරයේ දන්සල් 200ක් පමණ පැවැත්වූ බව සඳහන්ය.

ජාතික පොසොන් උත්සව කමිටුව අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී  ඉකුත් දා රැස්වූ අතර එහිදී මේ බව සඳහන් වී තිබේ.

අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස නා හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නයේ සහ දිස්ත්‍රික් ලේකම් ජේ.එම්.ජේ.කේ ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කමිටුව රැස්වී ඇත.

විදුලි අර්බුදය හේතුවෙන් පොසොන් උත්සවයේදී අඛණ්ඩව විදුලිය ලබා දීම සිදුවන්නේ පුජා භුමිවල විශේෂ ආගමික වතාවත් සිදුකෙරෙන ස්ථානවලට පමණක් බව ද මෙහිදී සඳහන් වී තිබේ.

මෙවර පොසොන් උත්සවයේ තේමාව “දේශය මිත්‍යාවෙන් මුදා ගනිමු” යන්නයි.