අනතුරින් දළ කැඩුණු සුමේධ මින්නේරියෙන් මතු වේ


(චින්තක ක්‍රීෂාන්ත බාලසුරිය)

ලොරික ගැටී දළයක් කැඩී ගිය සුමේධ නැමති හස්ථියා මිනනේරිය ජාතික උද්‍යානයට පැමිණ ඇති බව වාර්තා වේ.

මාස කිහිපයකට පෙර මරදන්කඩවල හබරණ මාර්ගයේදී ලොරි රථයක ගැටීමෙන් ඇතාගේ දකුණු දළය කැඩී ගිය අතර වනජීවී දෙපාර්තමේන්තුව යුද හමුදාව ඇතුළු බොහෝ පිරිසක් එක්ව ඇතා සෙව්වද කළද ඇතා සොයා ගැනීමට නොහැකි විය.