'උතුරේ අවතැන්වූවන්ට කඩිනම්න් සහන ලබාදෙන්නැ'යි අගමැති කියයි


(නිමල කොඩිතුවක්කු)

මුලතිව්ල කිලිනොච්චි සහ මන්නාරම ඇතුලූ  උතුරු පළාතේ දිස්ත‍්‍රික්ක වල ඇතිවි තිබෙන ගංවතුර හේතුවෙන් විපතට පත් ජනතාවට  අවශ්‍ය සියලූ සහන වහාම සපයන  ලෙස අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා උපදෙස් ලබා දි තිබේ.

රාජ්‍ය පරිපාලන සහ ආපදා කළමනාකරන අමාත්‍ය රංජිත් මද්දුමබන්ඩාර මහතාට අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා දුන් උපදෙස් වල සදහන් වන්නේ උතුරු පළාත නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ද  සම්බන්ද කරගනිමින් විපතට පත් ජනතාවට අවශ්‍ය සියලු සහන කඩිනමින්  සපයන ලෙසයි.

උතුරේ ගංවතුර උවදුරට මුහුන  දී සිටින ජනතාවට අවශ්‍ය සහන සැපයිමට අවශ්‍ය කරන මුදල් ප‍්‍රතිපාදන සියල්ලක්ම  මුදා හරින ලෙසට අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා  මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවිර මහතාට උපදෙස් දෙනු ලැබීය.

ගංවතුරෙන් විපතකට පත්  ජනතාවට සහන සැලසිම සදහා රාජ්‍ය පරිපාලන සහ ආපදා කළමනාකරන අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතාගේ  ප‍්‍රධානත්වයෙන්  යුතු කණ්ඩායමක්ද අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා  මේ වනවිට නම් කර තිබේ.

උතුරු පලාතේ  ඇතිව තිබෙන ගංවතුර ආපදා තත්වය නිරීක්ෂණය සදහා රාජ්‍ය  පරිපාලන හා ආපදා කළමණාකාර අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා එම ප‍්‍රදේශයන්හි  සංචාරයකද නිරත වූ අතර  ඒ පිළිබද විශේෂ වාර්තාවක් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා වෙත ඉදිරිපත් කරනු ලැබීය.

මේ අවස්ථාවේ සිය ශක්ති ප‍්‍රමාණයෙන් ජනතාව වෙත සහන සැලසීමට ඉදිරිපත් වන ලෙස අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පෞද්ගලික අංශ වෙතින් ද ඉල්ලා සිටී.