විදුලියට ගිය වසරේ කෝටි 4500 ක පාඩුවක්


(ජයන්ත සමරකෝන්)

අඩු වියදම් තාප බලාගාර විදුලිබල පද්ධතියට එකතු නොවීම හේතුවෙන් ලංකා විදුලි බල මණ්ඩලය පසුගිය වසරේදී රුපියල් කෝටි 4500 ක පාඩුවක් ලබා ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය සඳහන් කරයි.

මෙම වසරේ සිට ඉදිරියට මෙම පාඩුව රුපියල් කෝටි 5000 ඉක්මවන බවද එම සංගමයේ සභාපති සෞම්‍ය කුමාර වඩුගේ මහතා ඊයේ (18) පැවසීය.

2014 වසරෙන් පසු නොරොච්චෝලේ වැනි විශාල ප්‍රමාණයේ තාප බලාගාර මේ දක්වා ඉදි නොවීමත් වැඩිපුර ඩීසල් දහනය සිදුවීමත් නිසා 2015 වසරේදී රුපියල් 15.07ක් වූ විදුලි ඒකකයක වියදම 2017 වසරේදී රුපියල් 21.32ක් දක්වා ඉහළ ගොස් ඇතැයිද ඔහු කීය.

එසේ වුවද ගෘහස්ථ පාරිභෝගිකයන්ට විදුලි ඒකකයක් ලබා දෙන්නේ රුපියල් 16 ක් වැනි අවම මුදලකට බවද මණ්ඩලය පාඩු ලබමින් එම සහනය පොදු ජනතාවට ලබාදෙන බවද හෙතෙම සඳහන් කළේය. සාම්පූර් බලාගාරය ඉදිකිරීම 2015 වසරේදී නවතාදැමීම නිසා 2020 දක්වා මණ්ඩලයට දැරීමට සිදුවන පාඩුව රුපියල් බිලියන 200 ක් බවද හෙතෙම කීය.

මෙය කටුනායක අධිවේගී මාර්ගය වැනි තවත් අධිවේගී මාර්ග 4 ක් ඉදිකිරීමට යොදාගත හැකිව තිබූ මුදලක් බවද රටේ ප්‍රධානීන් ගන්නා වැරදි තීන්දු තීරණ හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතවී ඇති බවද ඔහු කීය.

මණ්ඩලය විසින් වසර දෙකකට වරක් ඉදිරි අවුරුදු 20 සඳහා සකසන අඩු වියදම් දිගු කාලීන ජනන සැලසුම් වෙනුවට මහජන උපයෝගිතා කොමිසම මගින් පුද්ගලික බලාගාර හිමියන්ට අවශ්‍ය අන්දමට මිල අධික වෙනත් සැලැස්මවල් සකසන බවද සභාපතිවරයා පෙන්වා දුන්නේය. මෙවැනි සැලසුම් නීති විරෝධී මෙන්ම මුල්‍යමය හා තාක්ෂණික වශයෙන් රට විශාල අර්බුදයකට තල්ලු කිරීමක් බවද ඔහු කීය.

සභාපතිවරයා මෙම කරුණු අනාවරණය කළේ කොළඹ විද්වත් වෘත්තිකයන්ගේ සංගම් ශාලාවේ ඊයේ (19) පැවැති විශේෂ ප්‍රවෘත්ති